දකුණු පළාතත් බස්නාහිර පළාතත් යා කෙරෙන බෙන්තර පාලම පසුකර මඳ දුරක් ගාල්ල දෙසට යද්දී මහ ඉඳුරුව හමුවෙයි. මහ ඉඳුරුව බස්නැවතුම්පලෙන් හෝ දුම් රියපලෙන් බැස සුදුවැලිපොත මාවත ඔස්සේ කිලෝමීටර එකක් පමණ ගියවිට මල්මඩුවාක්න්ද පුරාණ විහාරය දැකගත හැකිය. මල්මඩුවාක්න්ද විහාරයට දිගු ඉතිහාසයක් පවතින අතර ඓතිහාසික වශයෙන්ද එම විහාරස්ථානයට හිමිවන්නේ අද්විතීය තැනකි.
ඉඳුරුව ප්‍රදේශයේ පැරණිම විහාරස්ථානය වන මෙය සද්ධාතිස්ස රජු දවස පටන් භික්ෂූණ් වහන්සේලා නේවාසිකව වැඩ වාසය කොට ඇත. අමරපුර නිකායට අයත් භික්ෂූණ් ද නුවර යුගයේ ගනින්නාසේලා ද වරින්වර මෙයි වැඩ විසූ බව සඳහන් ය.
මෙම විහාරය වටේම අරලිය මල් ගස්වලින් යුක්ත වූ නිසා මල් මණ්ඩලයක්, මල්,මල් මාලාවක් වැනි වූ නිසා මේ නම ලැබුණු බවයි. ගලපාත විහාරයේ මහා කාශ්‍යප දළඳා වහන්සේට මල් සැපයූ "මල් වඩුවා" මෙහි සිටි බැවින්මල්-වඩුවාක්න්ද නමින් මෙම පුදබිමට මේ නම ලැබුණු බවයි. ගලපාත විහාරස්ථානයේ පිහිටි දළඳා මන්දිරයට පැමිණි දේවපතිරාජ ඇමතිවරයා එහි පුද පූජා පැවැත්වීමට අවශ්‍ය මල් ගෙනවිත් තිබෙනුයේ එවකට නිල්ලපොලය ලෙස හැඳින්වුණු මහ ඉඳුරුව පිහි මෙම විහාරස්ථානයෙනි. ගල්තලාව ඈතට නීලවර්ණයෙන් වූ බැවින් මෙමපුදබිම "නිල්ලපොලය" පුදබිම ලෙස හඳුන්වා ඇත. මහා කාශ්යපදළඳා වහන්සේ දුටුගැමුණු රජුගෙන් සද්ධාතිස්ස යුව රජුට ලැබුණු තිලිණයකි. දෙවන පැරකුම් රජ බෙන්තොටට පැමිණ තොරණ බැඳ සතියක් මුළුල්ලේ මහා දළඳා පූජාව සිදු කර ඇති අතර එයට මල් සපයා ඇත්තේ "මල්මඩුවාක්න්ද විහාරස්ථානයෙනි.
මෙම විහාර භූමිය අක්කර 2-3ක පැතිරී ගිය මහ කලුගල් තලාවක් මත පිහිටා ඇත. පැරණි වෘක්ෂලතාවන්ගෙන් විහාරය අදත් අල්ංකාරව පවති.පළමු වැනි මාලයේ චෛත්‍යරාජයාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටී. එක් විහාරයක චෛත්‍යරාජයාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටීම දුලබ දසුනකි. විහාර මන්දිරයේ දර්ශනීය ලෙස සිතුවම් දැකිය හැකිය.මාර පරාජය කරන සිතුවමේ භූමි ස්පර්ශ මුද්‍රාව දැකිය හැකිය. විහාර මන්දිරයේ එක් පසෙක වැඩිහිටිකන්දේ අනුරුවක් නිර්මාණය කොට ඇත. මෙම විහාරස්ථානයේ ගල් තලාවක් මත ළිං දෙකක් දැකිය හැකි අතර ඒවායේ කිසි දිනෙක දිය නොසිඳෙන බව ජනප්රවාදයේ සඳහන් වේ. ජනප්‍රවාදය සනාථ කරමින් වත්මන් නියං සමයවලදී පවා ළිංවල ජලය නොසිඳී පවතින ආකාරය දැකිය හැකිය. පරැන්නන්ගේ තවත් අදහසක් වන්නේ මේ ළිං මුහුදට යන උමං දොරවල් කියායි. ගල්තලාව මත ළිං දෙකට ඉදිරියෙන් පොකුණක් තිබේ. පොකුණ සමීපයේ ගල් කුළුණකින් දැනට්ට ශේෂව පවතින්නේ කැඩීගිය කොටසක් පමණි. මෙම කුළුණ අග තිබූ කිසියම් පාෂාණයකින් විහිදුවන ලද ආලෝකයක් ගැන ජනප්රවාදයේ සඳහන්ය. එක් පසෙකින් බේරුවල ප්රදීපගාරයේ ආලෝක ධාරවත් බටහිරෙන් අම්බලන්ගොඩ, අහුන්ගල්ල මායිම් කොටගත් මුහුදු තීරයත්, ඊසන දිගින් ශ්‍රී පාදස්ථානයත් පැහදිලිව පෙනේ. මේ තුන් ස්ථානය පෙනෙනුයේ ත්‍රිකොණයක් ආකරයටය. මේ ස්ථානය මුහුදු ගමන් මාර්ගයේ කිසියම් වැදගත් සංඥා දෙනු ලැබූ ස්ථානයක් සේ ජනප්රවාදයේ සැලකේ. ගල්කුළුණ අග තිබෙන්නට ඇත්තේ එළිය විහිඳුවන මැණිකක විය හැකිය. මෙම විහාරස්ථානයේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ අඩි දෙකහ මාරක් පළල් වූත් අඩි පහක් පමන දිග වූත් ගල්තලාඅවක් මත ඔබ්බවන ලද ශ්‍රී පාද පද්මයේ අනුරුවයි.
තවද හාවාගේ රුව කොටන ලද තවත් විශාල කලු ගලක්ද මෙහි ඇත. හාවාගේ රුව යටින් අකුරු පේළි 2ක් වෙයි. එම අක්ෂර පැරකුම් යුගයේ කාසිවල දක්නට ලැබෙන දොළොස්වන සියවස්සට අයත් ඒවා ලෙස සැලකිය හැකිය. විහාරස්ථානයට පැමිණෙන් ප්‍රධාන මවත ඔස්සේ කඳු මුදුනට නඟින අතර මඟ විහාරයට අයත් භූමියේ විශාල නා ගස් දෙකක් දැකිය හැකිය. ඒවා වසර දහසකටත් ව්ඩා පැරණි බව සඳහන්ය. මෙහි වත්මන් විහාරධිපති ගෞරව ශාස්ත්‍රවේදී දොඩංගොඩ ගුණසීල හිමියන් පවසන පරිදි මෙහි පුරාවිද්‍යාත්මක වශයෙන් අවධානයට ලක්කළයුතු උරුමයන් රැසක පවතී. නිල්ගල්ත්ලා පුරාන විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සරණංකර දහම් පාසලෙත්, පෙර පාසලෙත් දරුවන් රැසක් ඉගෙනුම ලබති. මෑතකදී ප්‍රදේශයේ ධානපතියෙකුගෙ තනි ධන පරිත්ත්යාගයෙන් හිටි පිළිමයක් නිර්මාණයකොට විහාරයට පූජාකොට ඇත.
මෙම අතීත උරුමයේ අන්හිමානය මතුපරපුරටත් උරුම කරදීම කාගේත් වගකීමක් වනු ඇත.

![]() |
| දොඩංගොඩ ගුණසීල හිමි |
![]() |
| සූරියවැව සංවර හිමි |
මෙම අතීත උරුමයේ අන්හිමානය මතුපරපුරටත් උරුම කරදීම කාගේත් වගකීමක් වනු ඇත.

wiharayaka puranaya heli karanna wadagath thorathuru athulath lipiyak.
ReplyDeletewiharayaka puranaya heli karanna wadagath thorathuru athulath lipiyak.

ReplyDeleteThanks dr
DeleteThanks dr
Deleteela ela sis....
ReplyDeletesuba pathnwa oyta
api mehe idalth nodanna gdk dewal dana gathta
thank you bro..
ReplyDeleteජනසන්නිවේදන ළමයින්ටත් ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙනවා නේදෝ

ReplyDeletevadagath ithihasa kathawak...
ReplyDeletegood...
ReplyDeleteithihaasaya hoyana eka hoday..
ReplyDelete